අවශ්‍ය ද්‍රව්‍ය
- මුං ඇට ග්‍රෑම් 250
- සීනි ග්‍රෑම් 250
- හාල්පිටි ග්‍රෑම් 100
- පැණි බෝතල් 1/2
සාදාගන්නා ආකාරය
මුං ඇට ටික කබලෙ බැදලා කුඩු කරගන්න. භාජනයක් ලිපේ තියලා සීනි හා පැණි දාලා උණු කරගන්න. මේකෙන් පැණි ටිකක් අයින් කරගන්න. ඉතිරි පැණි එක ටිකක් නිවෙන්න තියල හාල්පිටි හා මුං පිටි එකතු කරලා හැඳි ගාගන්න. පැණි මදි නම් අයින් කරපු පැණි දාල අතේ නොඇලෙන පදමට හදාගන්න. දැන් පිටි ඉසගත් ලෑල්ලක තුනී කරලා කිරිබත් කෑලි හැඩයට පොඩියට කපාගන්න.
බැටර් එකට
- හාල්පිටි ග්‍රෑම් 100
- මිටිකිරි කෝප්ප 1
- කහ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
මේ ටික කලවම් කරලා උකු බැටර් එකක් හදාගන්න. කපාගත් මුං කැවුම් කෑලි බැටර් එකේ දාලා රත් වුණු තෙලේ බැදලා ගන්න.
