අවශ්‍ය ද්‍රව්‍ය
- බණ්ඩක්කා කරල් 10-15
- වතුර
- රස අනුව ලුණු
- මිටිකිරි කෝප්ප 2
- සුදුහාල් වතුරෙ විනාඩි 10 ක් පොඟවා කොටාගත්
- හලාගත්ත පිටි ග්‍රෑම් 500
සාදාගන්නා ආකාරය
මුලින්ම හාල් පිටි ටික සිහින් හිල් සහිත පෙනේරයකිනුත් ඕගන්දි වගේ රෙද්දකිනුත් දෙතුන් පාරකුත් හලාගන්න ඕන. අතින් ඇල්ලුවම ඇට ගතියක් නැති පවුඩර් වගේ සිහින් පිටි ඕන ආස්මිවලට. බණ්ඩක්කා කෑලි කපල යන්තම් වතුර ටිකක් දාලා වංගෙඩියෙ කොටාගන්න.කොටාගත්ත බණ්ඩක්කා රෙදි කෑල්ලකට දාල මිරිකගෙන ඉස්ම ටික පෙරාගන්න.
පොල්කිරි වලට ලුණු ටිකක් දාගන්න. හාල්පිටිවලින් පොඩ්ඩක් අයින් කරන් ඉතිරිය භාජනයකට දාල ඒකට පොල්කිරි එකතු කරල අනාගන්න. මේකට බණ්ඩක්කා ඉස්ම ටික ටික දාලා අනාගන්න. සැරෙන් සැරේ අත උස්සලා බලන්න නොකැඩී නූල වගේ වැටෙන පදමට ඇවිත්ද කියලා. දියාරු වැඩි වුණොත් අයින් කරපු හාල් පිටි එකතු කරල පදම හදාගන්න. තෙල් රත්වෙන්න තියාගන්න. ආස්මි හැන්දක් නැත්තන් අත මිශ්‍රණයේ කීපවරක් ඔබලා අරන් තාච්චිය වටේට රවුමක් විදිහට වක්කරගන්න.
ආස්මිය බැදෙනකොට හොඳටම බැදෙන්න කලින් තෙලේ තියෙද්දිම තෙල් හැන්දෙන් දෙකට නවාගන්න. නවලා තද කරගන්න කැඩෙන්නෙ නැති වෙන්න. මේ ටික බැදගෙන, තෙල් බේරගෙන, හොඳට හුළං නොවදින්න භාජනයක අසුරලා තියන්න. අයෙ දවස් 4 කින් වගේ දෙවෙනි පාරට බැදගන්න ඕනේ. එතකොට තමයි ආස්මිය සුදු පාටට ලස්සනට එන්නෙ. දෙවනි පාර වැඩි වෙලා බදින්න අවශ්‍ය නෑ. තෙලට දාපු ගමන් සුදු පාට වුණාම අරගන්න.
ආස්මිවලට පැණි දැමීමට
අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි ග්‍රෑම් 100
- වතුර
- රතු කලරින්
සාදාගන්නා ආකාරය
සීනි හා වතුර එක්කරලා ළිපේ තියන්න. ඒක නූල් ඇදෙන පදමට ආවම කලරින් එකතු කරලා ආස්මි උඩින් රටාවට වක්කරගන්න.
