අවශ්‍ය ද්‍රව්‍ය
- සව් ග්‍රෑම් 200
- ගාගත් පොල් කෝප්ප 1
- සීනි ග්‍රෑම් 250
- හාල්පිටි ග්‍රෑම් 250
- ලුණු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
සව් ටික සෝදලා හොඳට වේලගන්න. හාල්පිටිවලට පොල් දාලා වතුර ටිකක් දාලා පිට්ටු කැට වගේ හදාගන්න. දැන් මේ ටික පිට්ටු බම්බුවකට දාලා තම්බගන්න. දැන් මේටික ආයෙ කැට විදියට කඩාගන්න. සීනි ටික උණු කරලා පැණි හදාගන්න. දැන් පැණි ටික කඩාගත් පිට්ටු කැටවලට දාලා සව් ටිකත් එකතු කරගන්න. හොඳට අනලා කොළපතක මේ මිශ්‍රණය දාලා තුනී කරලා වසාගන්න. නිවුනට පස්සෙ දිගෑරලා කෑලි කපාගන්න.
