අවශ්‍ය ද්‍රව්‍ය
- රටකජු ග්‍රෑම් 250
- පැණි මි.ලි 250
- බටර් ග්‍රෑම් 30
- රත් නොකළ පැණි මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
මුලින්ම රටකජු ටික අවන් දාගන්න. ඊට පස්සෙ කොටසක් කෑලිවලට කපාගන්න. භාජනයක් අරගෙන පැණි ටික දාලා රත් කරගන්න. නූලක් වගේ ඇදෙන විදියට රත් කරගන්න. ඊටපස්සෙ ළිපෙන් බාලා ඒකට රටකජු එකතු කරගන්න. කලවම් කරන ගමන් බටර් ටිකයි රත් නොකළ පැණි ටිකයිත් එකතු කරන්න. මිශ්‍රණය බටර් ගාගත් ලෑල්ලක තුනී කරලා හයි වෙන්න කලින් කෑලි කපාගන්න.
