අවශ්‍ය ද්‍රව්‍ය
- ගාගත් පොල් ග්‍රෑම් 250
- සීනි ග්‍රෑම් 150
- වතුර කෝප්ප 1
- කලරින්
- වැනිලා තේ හැන්ඳක්
සාදාගන්නා ආකාරය
භාජනයක් අරගෙන සීනිවලට වතුර කෝප්ප 1 දාලා දියකරගන්න. ඒක ලිපේ තියලා ඒකට පොල් ටිකයි කලරින් ටිකකුයි දාගන්න. හොඳට කලවම් කරන්න. දැන් මිශ්‍රණය වටෙන් කරවේගෙන එනකොට වැනිලා දාගන්න. ටිකකින් ළිපෙන් බාගන්න. බටර් ගාගත් ලෑල්ලකට මිශ්‍රණය දාලා තුනී කරගන්න. ගොඩක් නිවෙන්න කලින් කෑලි කපාගන්න.
