අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි ග්‍රෑම් 500
- පොල් කිරි කෝප්ප 1
- බිත්තර 1
- කහකුඩු ස්වල්පයක්
සීනි පත්පැණි කිරීම සදහා
- සීනි ග්‍රෑම් 100
- වතුර
සාදාගන්නා ආකාරය
මුලින්ම පිටි, බිත්තර, කහකුඩු දමා එයට පොල් කිරි දමා අනාගන්න. අතේ නොඇලෙන ගානට පිටි ගුලියක් ආකාරයට එනතෙක් හොඳින් අත් ගසා පිටි ගුලිය සකසා ගන්න. පිටි මෝලිය ටිකක් වෙලා තෙත රෙදි කඩකින් වසා තබන්න. ඉන්පසු ගෑරැප්පුවක් ගෙන එහි පිට පැත්තට පිටි ගුලියෙන් කෑල්ලක් ගෙන තබා තද කර කොනක සිට රෝල් කරන්න.
මේ ආකාරයට සියල්ලම සකසා ගන්න. ඉන්පසු බටර් ගෑ තැටියක් ගෙන එයට එකින් එක අසුරන්න. මෙය සෙල්සියස් අංශක 200 ක උෂ්ණත්වය යටතේ විනාඩි 50 ක් බේක් කරගන්න. ඉන්පසු භාජනයක් ගෙන එයට වතුර ස්වල්පයක් සමග සීනි ටික දමා මද ගින්දරේ හැඳි ගාන්න. බුබුලු දමා උඩට එනතෙක් ලිපේ තියා විනාඩි 15 ක් විතර හැඳිගාන්න. ද්‍රාවණය උකු ගතියට එන තෙක් හැඳි ගාන්න.
ඒ කියන්නේ නුල් ඇදෙන පදම වන තෙක්. වතුර වීදුරුවකට මේ දාවණයෙන් ටිකක් දැමූ විට යටට ගිලෙනවා නම් අන්න පදම හරි. දැන් බේක් කරගත් පනා කැවුම් ටික දමා හැඳි ගාන්න. ඉන්පසු ලිප නිවා පනා කැවුම් නිවෙන්නට තියන්න. මෙය බේක් කරනවා වෙනුවට ගැඹුරු තෙලේ බැද ගෙනද පැණිපත් දමා ගත හැකිය. මේ ප්‍රමාණවලින් පනා කැවුම් 110 ක් පමණ සාදා ගත හැක.
