අවශ්‍ය ද්‍රව්‍ය
- ජෙලටින් ග්‍රෑම් 30
- සීනි ග්‍රෑම් 250
- වතුර කෝප්ප 2
- කලරින් කැමති පාට කිහිපයක්
- වැනිලා ස්වල්පයක්
- දෙහි යුෂ තේ හැඳි 2-3 ක්
සාදාගන්න ආකාරය
මුලින්ම ජෙලටින් ටික වතුරේ දිය කර ගන්න. (ඩබල් බොයිල් ක්‍රමයට) ඉන්පසු සීනි 250 වතුර කොප්ප 2 සමග ලිපේ තියා හොඳින් හැදිගාන්න. සීනි දිය වී බුබුලු දමන තෙක් හොඳින් හැඳි ගාන්න. ගින්දර පිළිබඳව සැලකිලිමත් වන්න. වැනිලා එකතු කරන්න.
එසේ සීනි දියවී පදමට ආ පසු ජෙලටින් එක් කර ලිප නිවා දමා දෙහි එකතු කරන්න. ඉන්පසු වෙන වෙනම භාජනවලට දමා කැමති පාටවල් බින්දුව බැගින් එකතු කරන්න. බටර් ගෑ තැටියක දමා කාමර උෂ්ණත්වයේ සෙට් වෙන්න තියන්න. සෙට් වුණ පසු කෑලි කපා සීනි තවරා ගන්න. අයිස් කියුබ් ටේ්ර එකකට බටර් ටිකක් ගාගෙන එයට දමා සෙට් වෙන්න තියන්නත් පුළුවන්.
