අවශ්‍ය දෙවල්
- කජු ග්‍රෑම් 250
- මුරුංගා කොළ
- ලුනු ගෙඩි 2
- කරපිංචා
- මිරිස් කුඩු තේ හැඳි 1
- කැළි මිරිස් තේ හැඳි 1/2
- රස අනුව ලුණු
- තෙල්
සදාගන්නා ආකාරය
කජු සහ ලූනු රන්වන් පාට වෙනකම් බැදගන්න.මුරුංගා කොල සහ කරපිංචා තත්පර 10 ක් වගේ බැද ගන්න. භාජනයක් ළිප තියා තෙල් මේස හැන්දක් එකතු කර කැළි මිරිස්, මිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කර හොඳට කලවම් කරගන්න. අවසානයට බැදපු කජු, මුරුංගා කොළ, කරපිංචා සහ ලූනු ටිකත් එකතු කරලා හොඳට කලවම් කර ළිපෙන් අයි කරන්න. පිරිසිදු වීදුරු බෝතලයක දලා කල් තියා ගන්න පුළුවන්.
