අවශ්‍ය දෙවල්
- බණ්ඩක්කා ග්‍රෑම් 250
- ලූනු ගෙඩි 2
- කරපිංචා
- පොල්තෙල්
- කැළි මිරිස් තේ හැඳි 2
- සිනි මේස හැඳි 1
- රස අනුව ලුණු
සදාගන්නා ආකාරය
බණ්ඩක්කා ටික රන්වන් පාට වෙනකම් බැද ඒ තෙල්ම ලූනු ටිකත් රන්වන් පාට වෙනකම් බැද අන්තිමට කරපිංචා ටික තත්පර 30 ක් වගේ බැදගන්න. භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි 1 /2 දාන්න කැළි මිරිස් එකතු කරලා එකට සීනි සහ ලුණු එකතු කරලා විනාඩියක් පමණ තෙලේ තෙම්පරාදු කරගන්න. අවසානයට අපි බැදපු බණ්ඩක්කා, ලූනු සහ කරපිංචා ටික එකතු කරලා හොඳට කලවම් කර විනාඩියක් ළිපේ තියලා ළිපෙන් අයින් කර ගන්න. නිවුනම විදුරු බෝතලයක දාලා කල් තියා ගන්න පුළුවන්.
