අවශ්‍ය ද්‍රව්‍ය
- මාරි බිස්කට් ග්‍රෑම් 200 පැකට් එකක්
- කිරි ස්වල්පයක්
- බටර් ග්‍රෑම් 50
- අයිසින් ෂුගර් ග්‍රෑම් 200
- චොක්ලට් පවුඩර් මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
බෝල් එකකට බිස්කට් එකින් එක අරන් කිරිවල පොඟවලා බෝල් එකේ ඇතුළතින් එක ලේයර් එකක් අතුරගන්න. ඊට පස්සෙ බටර්, අයිසින් ෂුගර්, චොක්ලට් පවුඩර් එකතු කරලා චොක්ලට් බටර් අයිසින් එක හදාගන්න. ඉන්පසු අර බිස්කට් ලේයර් එකට උඩින් අයිසින් ලේයර් එකක් අතුරගන්න.
ඊට පස්සෙ ආයෙ කිරිවල පොඟවපු බිස්කට් ලේයර් එකක් දාගන්න. ආයෙත් අයිසින් ලේයර් එකක් දාගන්න. ඒ වගෙ බෝල් එක පිරෙන්නම ලේයර්ස් දාගන්න. අන්තිමට චොක්ලට් අයිසින් ගාගෙන ලන්ච් ශීට් එකකින් වහලා ෆ්‍රිජ් එකට දාගන්න. කූල් උනාට පස්සෙ එළියට අරන් ලා රස්නෙ වතුර භාජනේක ටිකක් වෙලා දාගෙන ඉඳලා අනික් පැත්ත හරවන්න.
