අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කෝප්ප 2 1/4
- බිත්තර 4
- සීනි මේස හැඳි 6
- සුවඳ කුඩු ස්වල්පයක්
- වැනිලා තේ හැන්දක්
- කැරමල් එක සඳහා සීනි මේස හැඳි 5
සාදාගන්නා ආකාරය
මුලින්ම භාජනයක් ළිප තබා සීනි මේස භැඳි 5 ක් දාලා කැරමල් එක හදාගන්න. ඒ කැරමල් ටික පුඩින් හදන භාජනේ අඩියට දාගන්න. ඊට පස්සෙ භාජනයකට කිරි ටිකක් දාලා, බිත්තර, සුවඳ කුඩු හා සීනි කලවම් කරලා විස්ක් කරගන්න. නැත්තන් බ්ලෙන්ඩ් කරගන්න. මේක කැරමල් දාපු භාජනයට දාලා විනාඩි 40 ක් විතර ස්ටීම් කරගන්න.
