අවශ්‍ය ද්‍රව්‍ය
- පාට තුනකින් ජෙලි පැකට්
- මිල්ක්මේඩ් මිලිලීටර් 390
- ජෙලටින් තේ හැඳි 6
- රස අනුව සීනි
සාදාගන්නා ආකාරය
ජෙලි පැකට් 3 වෙන වෙනම හදාගන්න. හැබැයි වෙනදා හදනකොට දාන වතුර ප්‍රමාණෙට වඩා කෝප්පයක් අඩුවෙන් හදාගන්න. සාදාගත් ජෙලි ෆ්‍රිජ් එකේ දමා ගන්න. දැන් බෝල් එකක් අරගෙන ඒකට මිල්ක්මේඩ් එක කඩලා දාගන්න. ඒකෙන්ම වතුර කෝප්පයක් අරන් ඒකත් කලවම් කරගන්න. ජෙලටින් ටික ඩබල් බොයිල් කරලා කැටි නොගැහෙන්න කලවම් කර කිරි එකතු කරගන්න. ඊටපස්සෙ ඔක්කොම කලවම් කරන්න. දැන් ෆ්‍රිජ් එකේ දාපු ජෙලි ටික කොටුවට කපාගන්න. බටර් ගාගත් භාජනයකට ජෙලි කෑලි ලස්සනට අතුරලා ඊට උඩින් අර කිරි එක වක්කරලා ෆ්‍රිජ් එකට දාන්න සෙට් වෙන්න.
