අවශ්‍ය ද්‍රව්‍ය
- කටු රහිත මාළු ග්‍රෑම් 300
- තරමක කෑලි කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
- තරමක කෑලි කපාගත් ලූනු ගෙඩි 1
- මිරිස් කුඩු තේ හැඳි 1
- රස අනුව ලුණු
- ඉඟුරු සහ සුදු ලූනු පේස්ට් මේස හැඳි 1/2
- ලෙමන් යුෂ තේ හැඳි 2
- පාන්පිටි මේස හැඳි 1
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- ගම්මිරිස්කුඩු
- බිත්තර සුදුමද 1
- චොප්කරගත් සුදු ලූනු බික් 4
- චොප්කරගත් ලූනු කොළ ස්වල්පයක්
- කපාගත් අමුමිරිස් කරල් 2
- සෝස් මික්ස් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- චිලී සෝස් මේස හැඳි 2
- ඩාක් සෝයා සෝස් මේස හැඳි 2
- තක්කාලි සෝස් මේස හැඳි 2
- සුදු විනාකිරි මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
සෝස් මික්ස් එකට අවශ්‍ය ඔක්කොම කලවම් කරලා සෝස් එක හදාගන්න.කපාගත් මාළුවලට ලුණු හා මිරිස්කුඩු, ඉඟුරු සුදු ලූනු පේස්ට්, ලෙමන් ජූස් ටික දාගන්න. ඔක්කොම හොඳට කලවම් කරලා පැය 1/2 ක් මැරිනේට් කරගන්න. මැරිනේට් කරගත් මාළුවලට පාන්පිටි, කෝන්ෆ්ලා, ගම්මිරිස්කුඩු ඇති පදම දාගන්න. බිත්තර සුදුමදය දාලා හොඳට අතින් කලවම් කරගන්න.
පෑන් එකෙන් බාගයක් වගේ පිරෙන්න තෙල් දාලා මේ මාළු ටික ඩීප් ෆ්‍රයි කරගන්න. ගෝල්ඩන් බ්‍රවුන් වෙනකල් බැදගෙන ලිපෙන් බාගන්න. දැන් වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා චොප්කරගත් සුදු ලූනු, බෙල්පෙපර් හා ලූනු ටිකත් එකතු කරගන්න.
මද වේලාවකට පසුව චොප්කරගත් ලූනු කොළ ටික එකතු කරගන්න. හොඳට ෆ්‍රයි වෙනකොට කපාගත් අමුමිරිස් එකතු කරන්න. හැඳිගාන ගමන් බැදගත් මාළු ටික දාගන්න. සෝස් මික්ස් එක දාලා හොඳට කලවම් කරලා තවත් විනාඩි 5 ක් වගේ කුක් කරගෙන ලිප නිවාගන්න.
