අවශ්‍ය ද්‍රව්‍ය
- කංකුං මිටි 2
- ලූනු ගෙඩි 1
- සුදු ලුනු බික් 4
- අමුමිරිස් කරල් 4
- සෝයා සොස් තේ හැඳි 2
- තක්කාලි සොස් තේ හැඳි 2
- ගම්මිරිස් කුඩු
- රස අනුව ලුණු කුඩු
සදාගන්නා ආකාරය
භාජනයක් ලිපේ තියලා පොල්තෙල් මේස හැඳි 1 ක් එකතු කර එකට ලූනු, සුදු ලුනු සහ අමුමිරිස් එකතු කර තෙම්පරාදු කර ගන්න. කංකුං ටිකත් තෙම්පරාදුවට එකතු කර එයටම සෝයා සොස්, තක්කාලි සෝස්, ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කර විනාඩි 2 ක් පමණ ලිපේ තෙම්පරාදු කරගන්න.
