අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 100
- කෝන්ෆ්ලා ග්‍රෑම් 50
- ග්‍රේට්කරගත් කැරට් ග්‍රෑම් 50
- සිහින්ව කපාගත් බෝංචි ග්‍රෑම් 50
- ග්‍රේට්කරගත් ගෝවා ග්‍රෑම් 50
- චොප්කරගත් ඉඟුරු සුදු ලූනු මේස හැඳි 1
- තක්කාලි සෝස් මේස හැඳි 4
- රස අනුව ලුණු
- අබ ස්වල්පයක්
- ගම්මිරිස්කුඩු
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
තෙල් ටික ලිපේ තියලා චොප්කරගත් ඉඟුරු සුදු ලූනු ටික තෙම්පරාදු කරගන්න. ඊළඟට අබ ටික දාගන්න. ටිකකින් කපාගත් එළවළු සියල්ලම එකතු කර ලුණු හා ගම්මිරිස්කුඩු රස අනුව දාගන්න. සෝස් ටිකත් දාලා මසාලා එකක් වගේ හදලා ලිප නිවා ගන්න.
පාන්පිටි, කෝන්ෆ්ලා එකතු කරලා වතුර දාලා තරමක දියාරු බැටර් එකක් හදාගන්න. රස අනුව ලුණු දාගන්න. පෑන් එකට තෙල් ටිකක් බ්‍රශ් කරල බැටර් එක දාලා තුනී ශීට්ස් හදා ගන්න. හදාගත් මසාලා එක ශීට් එකේ කෙලවරින් තියලා එක පාරක් ඔතාගෙන දෙපැත්තෙන් නවල සම්පූර්ණයෙන් ඔතාගෙන වතුර ටිකක් ගාල සීල් කරගන්න. රන්වන් පාට වෙනතුරු ගැඹුරු තෙලේ බැදගන්න.
