අවශ්‍ය ද්‍රව්‍ය
- ගෝවා කොළ 5
- තම්බාගත් අලගෙඩි 2
- තම්බාගත් නූඩ්ල්ස් ග්‍රෑම් 100
- තම්බාගත් කැරට් අල 2
- චීස් කෑලි 2
- බටර් ග්‍රෑම් 50
- රස අනුව ලුණු සහ ගම්මිරිස්කුඩු
සාදාගන්නා ආකාරය
ගෝවා කොළ උණු වතුර ටිකකට දමා තම්බා ගන්න. කැරට් දික් අතට කපාගන්න. අල කෑලිද කපාගන්න. නූඩ්ල්ස්වලට ලුණු හා ගම්මිරිස්කුඩු ඉස කලවම් කරගන්න. ගෝවා කොළ උඩ නූඩ්ල්ස් ටිකක් තියලා අල, කැරට් හා චීස් කැබැල්ල බැගින් තියලා ගෝවා කොළය ඔතලා ටූත් පීක් එකක් ගහගන්න. රෝල් එක උඩින් මාගරින් බ්‍රශ් කර සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ ප්‍රී හිට් කරගත් අවන් එකක විනාඩි 10 ක් බේක් කරගන්න.
