අවශ්‍ය ද්‍රව්‍ය
- සව් ග්‍රෑම් 250
- සීනි ග්‍රෑම් 250
- පොල් ග්‍රෑම් 350
- ලුණු ස්වල්පයක්
- වතුර මේස හැඳි 2, 3
- වැනිලා එසන්ස් බිංදු 2 ක්
- බටර් ස්වල්පයක්
- මී පැණි ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
පළමුව සව් ටික සෝදා වතුර බේරාගෙන පොල් සමග මිශ්‍ර කර ලුණු කුඩු ස්වල්පයක් සමග වතුර මේස හැඳි 2 ක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.දැන් පිරිසිදු රෙදි කැබැල්ලක ඔතා විනාඩි 15 ක් පමණ හුමාලයෙන් තම්බා ගන්න.සව්වල අමු ගතිය ඉවත් වී පොල් සමඟ එකට එන පදමට තියෙන්න ඕන.සීනි ළිප තබා කැරමල් වේගෙන එනකොට උණු වතුර කෝප්ප බාගයක් එකතු කර ඉතුරු සීනි ටිකත් එකතු කරලා හොඳින් දිය කරගෙන වැනිලා එකතු කරන්න.
පැණි එක ටිකක් ඝන වීගෙන එනකොට සාදා ගත් සව් පොල් මිශ්‍රණය සමග පැණි බටර් මේස හැන්දක්ද දමා හොදට මිශ්‍ර කර ගන්න.මිශ්‍රණය ඝණ වී ගුලියක් ලෙස එකතු වූ පසු ළිපෙන් ඉවතට ගන්න.බටර් ස්වල්පයක් තවරා ගත් ලෑල්ලක් මත තුනී කර නිවෙන්න හැර කෑලි කපා ඒ මතට මී පැණි දමා පිළිගන්වන්න.
සූපවේදිනී රිස්කා රාසික්
රෝයල් රෙලිශ් (පුද්) සමාගම