අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 4
- මිල්ක්මේඩ් කෝප්ප 1/2
- කුඩු කරගත් කරඳමුංගු ඇට 2 ක්
- යෝගට් කෝප්ප 1 1/2
- පැණි කෝප්ප 3/4
සාදාගන්නා ආකාරය
බිත්තර කඩා කහමදය අයිනේ ඇති ඝන සුදුපාට කොටස ඉවත් කරගෙන එයට මිල්ක්මේඩ් සමග කරඳමුංගු කුඩු එකතු කර හොඳින් විස්ක් කරගන්න. යෝගට් ටික වෙනම බෝල් එක්කට දමා ලාවට දියාරු වනතුරු විස්ක් කරගෙන යෝගට් මිශ්‍රණයද බිත්තර මිශ්‍රණයට දාමා කලවම් කරගන්න.
කැරමල් එක පුඩින් එක සාදාගන්නා ට්‍රේ එකට දාගෙන ඊට උඩින් සාදාගත් පුඩින් මිශ්‍රණය දමාගන්න. එය ෆොයිල් කොළයකින් ආවරණය කර අවන් එකට දමා 180 0C උෂ්ණත්වය යටතේ විනාඩි 20-30 ක් බේක් කරගෙන සාදාගත් පුඩිම මතට පැණි එකතුකර පිළිගන්වන්න.
සූපවේදිනී රිස්කා රාසික්
රෝයල් රෙලිශ් (පුද්) සමාගම