අවශ්‍ය ද්‍රව්‍ය
- හතු ග්‍රෑම් 250
- කෝන් පිටි කෝප්ප 1/2
- රස අනුව ලුණු
- බිත්තර සුදු මදයකින් 1/2
- බටර් මේස හැඳි 2
- තෙල් තේ හැඳි 1
- චිලී පේස්ට් මේස හැඳි 2
- සිහින්ව කපා ගත් සුදු ලූනු බික් 3
- කපාගත් වියලි මිරිස් කරල් 4-5
- කපාගත් ලූනූ කොළ ස්වල්පයක්
- කපාගත් මාලුමිරිස් කරල් 1
සාදාගන්නා ආකාරය
හතු එකක් කොටස් 4 කට වෙන්න වෙන් කර ගන්න. එයට බිත්තර සුදු මද සහ ලුණු දමා කලවම් කර විනාඩි 10 ක් තියන්න. එක එක හතු කොටස් කෝන් පිටිවල දවටා ගැඹුරු තෙලේ රන්වන් පාටට බැද ගන්න. තෙල් රත් වූ පෑන් එකකට සුදුලූනු එකතු කර බැදගෙන ලුණු, චිලිපේස්ට්, වියළි මිරිස්, ලූනු කොළ, මාලු මිරිස් එකතු කර බැදගන්න. බැද ගත් හතුටික එකතු කර කලවම් කරන්න. ලූනු කොළ මැලවෙන්න කලින් ළිපෙන් බාගන්න.
සූපවේදිනී – චම්මි ඉමල්කා