අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කෝප්ප 2
- යෝගට් මේස හැඳි 4
- සීනි මේස් හැඳි 1
- ලුණු තේ හැඳි 1/2
- ඊස්ට් තේ හැඳි 1
- වතුර
- අවශ්‍ය පමණට තෙල්
- චොප් කරගත් සුදු ලූනු මේස හැඳි 1
- කොත්මල්ලි කොළ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
භාජනයකට පාන් පිටි, තෙල්, ලුණු, ඊස්ට්, වතුර සහ යෝගට් එකතු කර කවලම් කර ඩෝ එක සාදාගන්න. ඩෝ එකේ තෙල් ටිකක් ගාලා විනාඩි 40 ක් වහලා පිපෙන්න හරින්න. ඉන්පසු ඩෝ එක බොල 8 කට වගේ කඩාගෙන ආපහු වහලා තියන්න. සාදාගත් බොල Rolling Pin එකෙන් දිග හැර උඩින් බටර් ටිකක් ගාලා සුදූලූනු ස්වල්පයක්, කොතමල්ලි කොළ ස්වල්පයල් තවරලා නැවත තුනී කරගන්න. දැන් රොටිය යට පැත්තේ වතුර ටිකක් ගාගෙන රත් කරගත් තැටියකට දමා දෙපැත්ත හොඳින් පුළුස්සා ගන්න.
සූපවේදී සපුමල් විජේසිංහ