අවශ්‍ය ද්‍රව්‍ය
- සුද්ද කරගත් ඉස්සන් ග්‍රෑම් 300
- පිසගත් සම්බා බත් කිලෝග්‍රෑම් 1
- බිත්තර 4
- කොන්පිටි තේ හැඳි 1
- කපාගත් ලූනු කොළ ස්වල්පයක්
- කොටු හැඩයට කපාගෙන කැරට් අල 1
- චොප් කරගත් ලූනු ගෙඩි 1
- චොප් කරගත් සුදූ ලූනු ස්වල්පයක්
- චොප් කරගත් ඉඟුරු කැබැල්ලක්
- සේසමි ඔයිල් තේ හැඳි 1/2
- සොයා සෝස් මේස හැඳි 2
- ග්‍රීන් පිස් ග්‍රෑම් 100
සාදාගන්නා ආකාරය
භාජනයකට සුද්දකර ගත් ඉස්සන්, ලුණු, ගම්මිරිස් හා කොන් පිටි දාගෙන කවලම් කරගන්න. තෙල් රත්වූ පෑන් එකකටඉස්සෝ ටික එක් කර හොඳින් පිසගන්න. තවත් පෑන් එකක් ළිප තබා එයට බටර් ස්වල්පයක් එකතුකර ලූනු, සුදුලූනු, ඉඟුරු, කැරට් සහ ග්‍රීන් පිස් දමා කලවම් කරගන්න. මද වේලාවකට පසු බිත්තර ටික කඩලා දාගෙන හොඳට ස්ක්රම්බල් කරගෙන සෙසමි ඔයිල්ල සෝයා සොස්, ලුණ, ගම්මිරිස් සහ සාදාගත් බත් එකතුකර කලවම් කරගන්න. අවසානයට පිසගත් ඉස්සන් සහ ලූනු කොළ දමාගන්න.
සූපවේදී සපුමල් විජේසිංහ