අවශ්‍ය ද්‍රව්‍ය
- චිකන් ලිවර් ග්‍රෑම් 250
- අල ගෙඩි 2
- ලොකු ලූනු ගෙඩි 1
- අමුමිරිස් කරල් 3
- තක්කාලි ගෙඩි 1
- සුදුලූනු බික් 5
- ඉඟුරු කැබැල්ලක්
- රම්පෙ
- සේර
- කරපිංචා
- එනසාල් ඇට 2
- කරාබුනැටි 2
- කුරුඳු කෑල්ලක්
- කහකුඩු තේ හැඳි 1/2
- මිරිස්කුඩු මේස හැඳි 2
- ගම්මිරිස් කුඩු මේස හැඳි 1
- බැදපු තුනපහ මේස හැඳි 1 1/2
- පොල්කිරි අඬුකෝප්ප 1
- වතුර අඬුකෝප්ප 1 1/2
- පොල්තෙල් මේස හැඳි 3
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පීකුදු සෝදා පිරිසිදු කර වතුර බේරාගන්න. අල කොටු හැඩයට කපාගන්න. ලූනු, අමුමිරිස්, තක්කාලි සිහින්ව කපාගන්න.ඉඟුරු, සුදුලුනු, එනසාල්, කරාබුනැටි, සේර, කුරුඳු සියල්ල තලාගන්න.ඇතිලියක් ළිප තබා රත්වන විට පොල්තෙල් එකතුකර කපාගත් ලුනු කරපිංචා, රම්පෙ එකතුකරගෙන හොඳින් තෙම්පරාදු කරගන්න. දෙවනුව තලාගත් සුදුලුනු, ඉඟුරු මිශ්‍රණය එකතුකර තෙම්පරාදුවට දමාගන්න. අවසානයේ කපාගත් අල සහ වතුර අඬුකෝප්ප එකහාමර එකතුකර පියනකින් වසා අලටික තැම්බෙන්නට හැර පොල්කිරි එකතුකරගන්න.
ප්‍රවීණ සූපවේදිනී
චන්දිමා මල්ලවආරච්චි
Chandi’s kitchen මාවරමණ්ඩිය