අවශ්‍ය ද්‍රව්‍ය
චිකන් ලිවර් ග්‍රෑම් 250
ලොකු ලුණු ගෙඩි 2
තක්කාලි ගෙඩි 2
මාළුමිරිස් කරල් 2
ලීක්ස් දඬු 2
කජු ග්‍රෑම් 50
තලාගත් ඉඟුරු සුදුලුණු පේස්ට් මේස හැඳි 1
කෑලිමිරිස් මේස හැඳි 2
ගම්මිරිස් කුඩු තේ හැඳි 2
තක්කාලි සෝස් මිි.ලී 50
සෝයා සෝස් මේස හැඳි 3
රස අනුව සීනි, ලුණු
පොල්තෙල්
සාදාගන්නා ආකාරය
සෝදා පිරිසිදු කරගත් පීකුදු පෑන් එකකට දමා හොඳින් බැදගන්න. ලූනු, තක්කාලි, මාළු මිරිස්, ලීක්ස් දඬු කොටු හැඩයට කපාගන්න. වෙනත් බඳුනක් ළිපේ තබා රත් වන විට පොල්තෙල් මේස හැඳි තුනක් එකතු කරගන්න. තෙල් රත්වෙන විට ඉඟුරු සුදුලුණු පේස්ට් එක, තක්කාලි සෝස්, සෝයා සෝස්, කෑලිමිරිස්, සීනි, ගම්මිරිස්කුඩු එකතු කරගෙන හොඳින් මිශ්‍ර කර බැදගත් පීකුදු, කජු, මාළුමිරිස් එකතුකර කලවම් කරගන්න. හොඳින් කලවම් වූ පසු ළිප නිවා තක්කාලි රස අනුව ලුණු එකතු කරගන්න.
ප්‍රවීණ සූපවේදිනී
චන්දිමා මල්ලවආරච්චි
Chandi’s kitchen මාවරමණ්ඩිය