අවශ්‍ය ද්‍රව්‍ය
චිකන් ලිවර් ග්‍රෑම් 500
ලොකු ලුනු ග්‍රෑම් 300
කොච්චි හෝ අමුමිරිස් ග්‍රෑම් 50
සුදුලූනු ග්‍රෑම් 50
රටකජු ග්‍රෑම් 50
රම්පෙ
කරපිංචා
එනසාල් ඇට දෙකක්
කෑලිමිරිස් මේසහැඳි 4
ගම්මිරිස් කුඩු මේසහැඳි 2
සිනි මේස හැඳි 2
දෙහි ගෙඩියක යුෂ
රස අනුව ලුණු
බැදගැනීමට පොල්තෙල්
සාදාගන්නා ආකාරය
සෝදා පිරිසිදු කරගත් පීකුදු හොඳින් බැදගන්න. පීකුදු බැදෙන විට එනසාල් එකතුකරගන්න. ලුනු, අමුමිරිස්, සුදුලූනු, රම්පෙ, කරපිංචා සිහින්ව කපා රටකජු සමග ගැඹුරු තෙලේ බැදගන්න. තෙත නැති පිරිසිදු භාජනයක් ගෙන එයට බැදගත් පීකුදු, ලූනු, සුදුලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා එකතුකර හොඳින් මිශ්‍ර කරගන්නා අතරතුර කෑලිමිරිස්, ගම්මිරිස්කුඩු, සීනි, දෙහි ඇඹුල් සමග රස අනුව ලුණු එකතුකරගන්න.
ප්‍රවීණ සූපවේදිනී
චන්දිමා මල්ලවආරච්චි
Chandi’s kitchen මාවරමණ්ඩිය