අවශ්‍ය ද්‍රව්‍ය
- චිකන් ලිවර් ග්‍රෑම් 200
- ලොකු ලූනු ගෙඩි 2
- අමුමිරිස් කරල් 3
- තලාගත් ඉඟුරු, සුදුලූනු තේහැඳි 1/2
- හොඳින් ඉදුනු තක්කාලි ගෙඩියක්
- දෙහි ගෙඩියක යුෂ
- කෑලිමිරිස් තේ හැඳි 2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 2
- රස අනුව ලුණු
- පොල්තෙල්
සාදාගන්නා ආකාරය
පීකූදු සෝදා පිරිසිදු කරගන්න. පෑන් එකකට තෙල් මේසහැඳි පහක් හෝ හයක් එකතුකර පීකුදු ටික අඩුගින්දරේ බැදගන්න. ලූනු, අමුමිරිස්, තක්කාලි රවුම් පෙති කපා භාජනයකට දමා එයටම තලාගත් ඉඟුරු, තලාගත් සුදුළුණු, ගම්මිරිස්කුඩු, කෑලිමිරිස්, දෙහි ඇඹුල්, රස අනුව ලුණු එකතුකරගෙන හොඳින් අනාගන්න. අවසානයේ බැදගත් පීකූදු එකතුකරගන්න.
ප්‍රවීණ සූපවේදිනී
චන්දිමා මල්ලවආරච්චි
Chandi’s kitchen මාවරමණ්ඩිය