අවශ්‍ය ද්‍රව්‍ය
- බැදගත් ෆ්‍රෙන්ච් ෆ්රයිස් ස්වල්පයක්
- රෝස්ට් කරගත් චිකන් ස්වල්පයක්
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1
- කොටු හැඩයට කපාගත් තක්කාලි ගෙඩි 1
- කපාගත් අමුමිරිස් කරල් 2
- තක්කාලි සෝස් ස්වල්පයක්
- මොසරැල්ලා චීස් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
බැදගත් ෆ්‍රෙන්ච් ෆ්රයිස් ටික උඩින් රෝස්ට් කරගත් චිකන්, ලූනු, තක්කාලි, අමුමිරිස් සහ සෝස් එකතු කරන්න. පසුව චීස් උඩින් අතුරා චීස් දියවනතුරු අවන් එකේ තබන්න.
සූපවේදිනී
චම්මි ඉමල්කා