අවශ්‍ය ද්‍රව්‍ය
- පතෝල කරල් 1
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1/2
- කපාගත් අමුමිරිස් කරල් 3
- සිහින්ව කපාගත් කැරට් ස්වල්පයක්
- ගාගත් පොල් ස්වල්පයක්
- තක්කාලි ගෙඩි 1/2
- දෙහි ගෙඩි යුෂ ස්වල්පයක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
පතෝල ඉතා කුඩා කැබලිවලට කපා පිරිසිදු කරගෙන එයට අමු මිරිස්, ලූනූ, කැරට්, දෙහි යුෂ, පොල්, ලුණු හා ගම්මිරිස් එකතුකර මිශ්‍රකරන්න. අවසානට තක්කාලි දමාගන්න.
සූපවේදී සපුමල් විජේසිංහ