අවශ්‍ය ද්‍රව්‍ය
- ගර්කින් හෝ පිපිඤ්ඤා පොඩි ගෙඩියක්
- ලූනූ ගෙඩි 2
- අමුමිරිස් කරල් 2
- තක්කාලි ලොකු ගෙඩි 1
- කැරට් අලයක්
- මී කිරි කප් එකක්
- කොත්තමල්ලි කොළ
- දෙහි ඇඹුල්
- ගම්මිරිස් කුඩු තේහැඳි 1
- සීනි තේ හැඳි 1/4
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පිරිසිදු භාජනයක් ගෙන එයට මීකිරි, ගම්මිරිස් කුඩු, සීනි, දෙහි ඇඹුල්, රස අනුව ලුණු එකතුකර හොඳින් මිශ්‍ර කර තියාගන්න. ගර්කින්, ලූනු, අමුමිරිස්, තක්කාලි, කැරට්, කොත්තමල්ලි කොළ හීනියට කපාගන්න. සාදාගත් කිරි මිශ්‍රණය සමඟ කපාගත් ලූනු, අමුමිරිස්, තක්කාලි, කැරට් හොඳින් මිශ්‍ර කරගන්න. අන්තිමට කපාගත් කොත්තමල්ලි කොළ උඩින් දාමා බිරියානි බත් සමඟ පිළිගන්වන්න.