අවශ්‍ය ද්‍රව්‍ය
- උම්බලකඩ කුඩු ග්‍රෑම් 100
- ලූනු ග්‍රෑම් 250
- සුදුලුනු ගෙඩි 2
- එනසාල් කරල් 3
- රම්පේ, කරපිංචා
- අමුමිරිස් කරල් 6
- කෑලිමිරිස් මේස හැඳි 2
- සීනි තේ හැඳි 1
- දෙහි ගෙඩියක ඇඹුල්
- රස අනුව ලුණු
- පොල්තෙල්
සාදාගන්නා ආකාරය
ලූනු, සුදුලුනු, අමුමිරිස්, රම්පෙ හීනියට කපාගන්න. භාජනයක් ගෙන තෙල් එකතුකර කපාගත් ලූනු, අමුමිරිස්, සුදුලුනු, රම්පෙ, කරපිංචා සහ උම්බලකඩ කුඩු සියල්ලම වෙන වෙනම ගැඹුරු තෙලේ බැදගන්න. උම්බලකඩ කුඩු බැදගන්නා විට එනසාල් එකතුකර බැදගන්න. වෙනම භාජනයක් ගෙන බැදගත් සියල්ල එකට දමා එයට කෑලිමිරිස්, සීනි, දෙහි ඇඹුල්, රස අනුව ලුණු එකතුකර හොඳින් කලවම් කර දීසියකට දමා බිරියානි බත් සමග පිළිගන්වන්න