අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩාවට කපා ගත් පැසුනු අඹ ග්‍රෑම් 250
- සීනි ග්‍රෑම් 300 – 500
- විනාකිරි මිලිලීටර් 150
- සුදුලූනු බික් 8
- අඟලක පමණ ඉඟුරු කෑල්ලක්
- මිරිස් කුඩු ග්‍රෑම් 10-30
- කරඳමුන්ගු කරල් 5
- කරාබු නැටි 5
- අඟලක පමණ කුරුඳු පොතු කෑල්ලක්
- සුල්තානා ග්‍රෑම් 15
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
අඹ කොටු හැඩයට කපාගන්න.කුළුබඩු සියල්ල විනාකිරි ටිකකින් බ්ලෙන්ඩ් කරගෙන ඉතිරි විනාකිරි ටිකට සීනි දමා ළිප තබා සීනි දියවෙනතුරු උණු කරගන්න.දැන් අඹ ටික එයට දමන්න. මෙය මද ගින්නේ උකු වනතුරු පිස ගන්න. ඉන්පසු කුළුබඩු මිශ්‍රණය සහ සුල්තානා දමා ඉස්ම අඩුවන තුරු හෝ කැමති නම් ඉස්ම හිඳෙන තුරු තබා ළිපෙන් ඉවතට ගෙන උණුවෙන්ම ජීවානුහරණය කළ බෝතල් වල දමා සීල් කරගන්න.