අවශ්‍ය ද්‍රව්‍ය
- ඇට හැර කුඩාවට කපාගත් රටඉඳි ග්‍රෑම් 250
- විනාකිරි මිලිලීටර් 100
- සීනි ග්‍රෑම් 50
- ගම්මිරිස් කුඩු ග්‍රෑම් 50
- කුඩා වට කපාගත් ලුණු දෙහි ග්‍රෑම් 50
- තලාගත් ඉඟුරු ග්‍රෑම් 10
- තලාගත් සුදුලූනු ග්‍රෑම් 10
- මිරිස් කුඩු මේස හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
රටඉඳි හැර අනෙකුත් සියලු අමුද්‍රව්‍ය විනාකිරි සමග මිශ්‍ර කර මැටි බඳුනක දමා උතුරවාගන්න. ඉන්පසු රටඉඳි කලවම් කර ළිපෙන් ඉවතටගන්න.
අච්චාරුව සඳහා
- කැරට් අල 1
- මාලුමිරිස් කරල් 2
- රතුලූනු හෝ ලොකු ලූනූ ග්‍රෑම් 150
- අවශ්‍ය පමණට ලුණු දෙහි
භාජනයක් ගෙන එයට සාදාගත් මැලේ පිකල් පේස්ට් මේසහැඳි පහක් එකතුකර එයට සිහින්ව කපාගත් කැරට්, මාලුමිරිස්, රතුලූනු හෝ ලොකුවට කපාගත් බී ලූනු, රස අනුව ලුණු එකතුකර හොඳින් මිශ්‍ර කර මේසයට යවන්න.