අවශ්‍ය ද්‍රව්‍ය
- කුකුල් මස් කිලෝග්‍රෑම් 1
- බාස්මති සහල් කිලෝග්‍රෑම් 1
- වියළි මිරිස් කරල් 4
- බේ ලීව්ස් 4
- බිරියානි මල් 4
- වසාවාසි ග්‍රෑම් 10
- කරාබුනැටි 4
- එනසාල් ස්වල්පයක්
- කුරුඳු පොතු කැබැල්ලක්
- කොත්තමල්ලි තේ හැඳි 2
- මාදුරු තේ හැඳි 1
- මිරිස් කුඩු තේ හැඳි 1
- මීකිරි මේස හැඳි 4
- බැදගත් ලූනු ග්‍රෑම් 200
- ඉඟුරු ග්‍රෑම් 10
- සුදු ලූනු ග්‍රෑම් 10
- කරපිංචා ඉති 1
- මින්චි කොළ ග්‍රෑම් 50
- එළඟිතෙල් මේස හැඳි 4
- උළුහාල් ග්‍රෑම් 10
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
සහල් පැය 1/2 පමණ පෙගෙන්න හැර වතුර පෙරාගන්න. පෙරාගත් සහල් සුදුසු භාජනයකට දමා එයට අවශ්‍ය පමණට වතුර එකතුර තැම්බෙන්න හරින්න. සහල් හොඳින් තැම්බීමට පෙර ළිපෙන් බාගෙන වැඩි වතුර ඉවත් කර පියනකින් වසා තබන්න. වියළි මිරිස්, බේ ලීව්ස්, වසාවාසි, කරාබුනැටි, එනසාල්, කුරුඳු පොතු, කොත්තමල්ලි, සූදුරු, මාදුරු සියල්ලම කබලේ බැදගෙන කුඩු කරගන්න. එළඟිතෙල් එකතුකර රත් කරගත් භාජනයකට ඉහත සාදාගත් මිශ්‍රණය, මී කිරි, මින්චි කොළ, ඉඟුරු, සුදු ලූනු සහ ලූනු දමා පිසගන්න. එයට අනෙකුත් සියලුම ද්‍රව්‍ය හා සාදාගත් බත් දමා කලවම් කර අඩු ගින්දරේ පිසගන්න.