අවශ්‍ය ද්‍රව්‍ය
- ගැඹුරු තෙලේ බැදගත් කුකුල් මස් කිලෝග්‍රෑම් 1
- බාස්මති සහල් කිලෝග්‍රෑම් 1
- ලූනු ග්‍රෑම් 300
- තක්කාලි ග්‍රෑම් 200
- එළඟිතෙල් මේස හැඳි 4
- තලාගත් ඉඟුරු ග්‍රෑම් 15
- තලාගත් සුදු ලූනු ග්‍රෑම් 10
- මිරිස් කුඩු ග්‍රෑම් 5
- කහ කුඩු තේ හැඳි 1
- සූදුරු තේ හැඳි 1
- මාදුරු තේ හැඳි 1
- පාකිස්තාන් බිරියානි මසාලා තේ හැඳි 4
- කොත්තමල්ලි කොළ ග්‍රෑම් 10
- මින්චි කොළ ග්‍රෑම් 10
- මීකිරි මේස හැඳි 3
- ගී ඔයිල් මේස හැඳි 5
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
සහල් පැය 1/2 පමණ පෙගෙන්න හැර වතුර පෙරාගන්න. පෙරාගත් සහල් සුදුසු භාජනයකට දමා එයට අවශ්‍ය පමණට වතුර එකතුර තැම්බෙන්න හරින්න. සහල් හොඳින් තැම්බීමට පෙර ළිපෙන් බාගෙන වැඩි වතුර ඉවත් කර පියනකින් වසා තබන්න. වෙනත් භාජනයකට එළඟිතෙල් එකතුකර රත් වූ පසු ලූනු, ඉඟුරු, සුදු ලූන, තක්කාලි සහ ලුණු දමා පේස්ට් එකක් ආකාරයට සාදාගෙන එයට බැදගත් කුකුල් මස් එකතුකරගන්න. මද වේලාවකට පසුව මීකිරි දමා කලවම් කරගන්න. මෙයට පිසගත් බත්, මින්චි කොළ සහ කොත්තමල්ලි කොළ දමා පැය 1/2 පමණ භාජනයක වසා තම්බාගන්න.