අවශ්‍ය ද්‍රව්‍ය
- තෙල් මේස හැඳි 4
- කෑලි මිරිස් ග්‍රෑම් 100
- වියළි කූනිස්සන් ග්‍රෑම් 5
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1/2
- උම්බලකඩ ස්වල්පයක්
- කපාගත් ඉඟුරු ස්වල්පයක්
- කපාගත් සුදුලූනු බික් 2
- සෝයා සෝස් මේස හැඳි 1 1/2
- සීනි මේස හැඳි 2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට ලූනු, සුදු ලූනු, ඉඟුරු දමා රන්වන් පාටට බැදගෙන ඉවත් කරගන්න. කූනිස්සන් සහ උම්බලකඩ හොඳින් බැදගන්න. පෑන් එකකට කෑළි මිරිස් එකතුකර මද ගින්නෙ බැදගෙන එයට සීනි, සෝයා සෝස්, ලුණු එකතුකර කලවම් කරගන්න. බැදගත් ලූනු, සුදු ලූනු එකතුකර සීනි දියවෙනතුරු අඩු ගින්දරේ පිසගන්න.