අවශ්‍ය ද්‍රව්‍ය
- තෙල් මේස හැඳි 1 1/2
- වියළි කුනිස්සන් ග්‍රෑම් 50
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 2
- කපාගත් අමුමිරිස් කරල් 4-5
- රම්පෙ
- කරපිංචා ඉති 2
- කුරුඳුපොතු කැබැල්ලක්
- රස අනුව ලුණු
- කහ කුඩු තේ හැඳි 1/8
- රස අනුව මිරිස් කුඩු
- රස අනුව කෑලි මිරිස්
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට කූනිස්සන් එකතුකර තරමක් බැද ගන්න. එයට ලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු දමා හොඳින් බැද ගන්න. ලුණු, කහ කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු එකතුකර හොඳින් කලවම් කරගන්න.