අවශ්‍ය ද්‍රව්‍ය
- වියළි කූනිස්සන් කෝප්ප 1/4
- පැය 2 ක් පොගවා ගත් කඩල පරිප්පු කෝප්ප 1
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1
- කපාගත් අමුමිරිස් කරල් 5-6
- වියළි මිරිස් කරල් 7-8
- ලියාගත් කරපිංචා ඉති 3
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පරිප්පුවලින් කෝප්ප 1/4 ක් ඉවත් කර ඉතිරි සියල්ල ග්‍රයින්ඩ් කරගන්න. බෝල් එකකට ග්‍රයින්ඩ් කරගත් පරිප්පු, ඉතිරි පරිප්පු, කූනිස්සන්, ලූනු, අමුමිරිස්, වියළි මිරිස් සහ කරපිංචා එකතුකර හොඳින් කලවම් කරන්න. ලුණු දමා කලවම් කර කුඩා බෝල සාදා පැතලි කර ගැඹුරු තෙලේ බැදගන්න.