අවශ්‍ය ද්‍රව්‍ය
- කරවල ග්‍රෑම් 100 (තලපත් හෝ කට්ටා)
- තක්කාලි ගෙඩි 2
- අමු අඹ ගෙඩි 1
- බී ලූනු ගෙඩි 1
- කොච්චි හෝ අමුමිරිස් කරල් 4
- මාළු මිරිස් කරල් 2
- සුදුලූනු බික් 4
- උළුහාල් තේ හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1/2
- මිරිස් කුඩු මේස හැඳි 1
- වතුර කෝප්ප 1
- මිටිකිරි කෝප්ප් 1/2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
කරවල, තක්කාලි, ලූනු, අඹ, කෑබලිවලට කපාගන්න. අමුමිරිස්, මාළුමිරිස් දික් අතට පලාගන්න. සුදුලූනු පෙති ලෙස කපාගෙන මැටි ඇතිලියක් ගෙන කපාගත් කරවල, තක්කාලි, ලූනූ, සුදුලුනු, අඹ, අමුමිරිස්, මාළුමිරිස් එයට දමාගන්න. ඉන්පසු උළුහාල්, කහ කුඩු, මිරිස් කුඩු එකතුකර හොඳින් කලවම් කර වතුර එකතුකර ළිපේ තබා විනාඩි දහයක් පමණ පිසගන්න. හොඳි ගතිය තිබියදීම පොල් කිරි එකතුකර නැවත විනාඩි කීපයක් පිසගන්න.