අවශ්‍ය ද්‍රව්‍ය
- තලපත් කරවල ග්‍රෑම් 200
- තලාගත් ඉඟුරු, සුදුලුනු මේස හැඳි 1
- කරපිංචා කොළ 20
- සීනි මේස හැඳි 1
- පොල්තෙල් මේස හැඳි 1
- කුරුඳු පොතු කෑල්ලක්
- ලියාගත් රතුලූනු ගෙඩි 4
- මිරිස්කුඩු මේස හැඳි 1
- රස අනුව ලුණු
- පලාගත් අමුමිරිස් කරල් 4
- අබ තේ හැඳි 1
- දෙහි බෑයක යුෂ
පේස්ට් එක සෑදීමට
- අබ තේ හැඳි 1
- වියළි මිරිස් කරල් 4
- උළුහාල් තේ හැඳි 1/2
- කහ කුඩු තේ හැඳි 1/4
- ගම්මිරිස් ඇට 10-15
- විනාකිරි මේස හැඳි 4
සාදාගන්නා ආකාරය
කරවල සෝදා කහකුඩු හා දෙහි යුෂ දමා පැය 1/2 ක් සීසන් කරගෙන ගැඹුරු තෙලේ හොඳට බැදගන්න. බැදගත් කරවල ටික වංගෙඩියට දමා කොටාගන්න. පේස්ට් එකට අවශ්‍ය සියල්ලම හොඳින් අඹරාගෙන පසෙකින් තබන්න. පෑන් එකක් ළිප මත තබා තෙල් එකතු කර රත්වන්නට හැර කුරුඳු පොතු, අබ, කරපිංචා, රතුලූනු, ඉඟුරු, සුදුලූනු හා අමුමිරිස් දමා විනාඩි 2 ක් පමණ තෙම්පරාදු කරගන්න. එයටම පේස්ට් එක එකතු කර කුඩුකරගත් කරවල එකතුකර මිරිස්කුඩු, සීනි, රස අනුව ලුණු, දෙහියුෂ එකතුකර හොඳින් කලවම් කර මද ගින්නේ විනාඩි 8-10 පමණ පිසගන්න.