අවශ්‍ය ද්‍රව්‍ය
- ගාගත් පොල් කෝප්ප 2
- අඟලක පමණ තලපත් කරවල කෑලි 3
- රතුලූනු ගෙඩි 10
- වියළි මිරිස් කරල් 8
- ගම්මිරිස් ඇට 15
- සුදුලූනු බික් 4
- දෙහි ගෙඩියක යුෂ
සාදාගන්නා ආකාරය
කරවල, සුදුලූනු, රතුලූනු, වියළි මිරිස්, කරවල කබලක හෝ අඟුරුමත දමා පුළුස්සාගන්න. ඒ සියල්ල වංගෙඩියට දමා ගම්මිරිස් ඇට සහ පොල් එකතුකර හොඳින් කලවම් කරමින් කොටාගන්න.කොටාගත් පොල්සම්බෝලය දීසියකට දමා දෙහි යුෂ සහ රස අනුව ලුණු එකතුකර හොඳින් අනාගන්න.