අවශ්‍ය ද්‍රව්‍ය
- මෝර කරවල හෝ තලපත් කරවල ග්‍රෑම් 250
- රතුලූනු ග්‍රෑම් 150
- අමුමිරිස් කරල් 12
- සුදුලූනු බික් 5
- අඟලක පමණ ඉඟුරු කෑල්ලක්
- එනසාල් කරල් 4
- කරාබුනැටි 4
- අබ ඇට තේ හැඳි 1/2
- කෑලිමිරිස් මේස හැඳි 2
- ගම්මිරිස් කුඩු මේස හැඳි 1
- සීනි මේස හැඳි 1
- විනාකිරි මේස හැඳි හයක්
- බැදගැනිමට පොල්තෙල්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
කරවල කොටු හැඩයට කපාගන්න. අමුමිරිස් වෙන්නොවන ලෙස කපාගන්න. බඳුනක් ළිප තබා තෙල් එකතුකර කරවල, අමුමිරිස් සමග රතුලූනු ගෙඩි පිටින් විනාඩියක් පමණ බැදගන්න.
පේස්ට් එක සඳහා
සුදුලූන, අබ, එනසාල්, කරාබුනැටි, විනාකිරි මේස හැඳි 2 ක් එකතුකර හොඳින් අඹරගන්න. ඉන්පසු වෙනත් භාජනයක් ළිප තබා තෙල් මේස හැඳි තුනක් එකතුකර තෙල් රත්වෙද්දි සාදාගත් පේස්ට් එක එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න.
පසුව කෑලිමිරිස් , ගම්මිරිස් කුඩු, සීනි, ඉතිරි විනාකිරි මේස හැඳි හතර එකතුකර විනාඩි පහක් පමණ කලවම් කරගනිමින් උතුරවා ගන්න. ඊළඟට බැදගත් කරවල, රතුලූනු, අමුමිරිස් එකතුකර හොඳින් කලවම් කර ළිපෙන් ඉවත්කර රස අනුව ලුණු එකතුකර බඳුනක අසුරාගන්න. මෙම කරවල මෝජුව මාස තුනක කාලයක් කල්තබා ගත හැකිය.