අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් පැස්ටා ග්‍රෑම් 500
- කපාගත් සොසේජස් කරල් 2
- චොප් කරගත් සුදු ලූනු බික් 5
- චොප් කරගත් පාස්ලි කෝප්ප 1/2
- කෑළි මිරිස් අවශ්‍ය පමණට
- තක්කාලි ගෙඩි 2
- තක්කාලි සෝස් ස්වල්පයක්
- නැවුම් එළකිරි කොප්ප 1/4
- චීස් ස්වල්පයක්
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
තක්කාලි තම්බාගෙන පොත්ත ඉවත්කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. තෙල් රත්වූ පෑන් එකකට සොසේජස්, සුදු ලූනු සහ ලුණු එකතුකර තෙම්පරාදු කරගන්න. මද වේලාවකට පසුව බ්ලෙන්ඩ් කරගත් තක්කාලි, තක්කාලි සෝස් සහ නැවුම් එළකිරි දමා විනාඩි 2 ක් පමණ පිසගෙන චීස්, තම්බාගත් පැස්ටා සහ පාස්ලි දමා මිශ්‍ර කරගන්න.