අවශ්‍ය ද්‍රව්‍ය
- සුද්ද කරගත් ඉස්සන් ග්‍රෑම් 300
- පිසගත් බාස්මති සහල් කිලෝග්‍රෑම් 1
- බිත්තර 4
- කොන්පිටි ස්වල්පයක්
- කපාගත් ලූනු කොළ ස්වල්පයක්
- කොටු හැඩයට කපාගත් කැරට් අල 1
- චොප් කරගත් ලූනු ගෙඩි 1
- චොප් කරගත් සුදු ලූනු ස්වල්පයක්
- චොප් කරගත් ඉඟුරු කැබැල්ලක්
- සේසමි ඔයිල් තේ හැඳි 1/2
- සොයා සෝස් මේස හැඳි 2
- ග්‍රීන් පිස් ග්‍රෑම් 100
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
ඉස්සන් ලුණු, ගම්මිරිස් සහ කෝන් පිටි දමා කලවම් කරගන්න. තෙල් රත්වූ පෑන් එකකට ඉස්සන් එකතුකර හොඳින් බැදගෙන ළිපෙන් ඉවත්කරගන්න. එම පෑන් එකටම ලූනු, සුදු ලූනු, ඉඟුරු, කැරට්, ග්‍රීන් පිස් දමා කලවම් කරගෙන බිත්තරද එකතුකර හොඳින් ස්ක්රම්බල් කර කලවම් කරගන්න. සෙසමි ඔයිල්, සෝයා සෝස්, පිසගත් බත් සහ ඉස්සන් එකතුකරගන්න.