අවශ්‍ය ද්‍රව්‍ය
- කස්ටඩ් බිස්කට් 35
- කස්ටඩ් පවුඩර් මේස හැඳි 4
- සීනි මේස හැඳි 3
- එළකිරි මිලි ලීටර් 600
- බිස්කට් පොඟවා ගැනීමට එළකිරි කෝප්ප 1/4
- කුඩු කරගත් පැණි කජු කෝප්ප 1/4
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තබා එයට එළකිරි එකතු කර මදගින්නේ කිරි ටික රත්වන තෙක් හැඳි ගාගන්න. මදක් රත් වූ කිරි වලට කස්ටඩ් පවුඩර් ටික දමා කැටි නොගැසෙන සේ කලවම් කරන අතරතුර සීනි ටික ද එක්කර උතුරන තෙක් මද ගින්නේ හැඳි ගා ළිපෙන් බාගන්න.
පුඩිම සාදා ගැනීමට අවශ්‍ය භාජනය ගෙන එහි කිරිවල පොඟවා ගත් කස්ටඩ් බිස්කට් තට්ටුවක් අතුරා ගන්න. ඉන්පසු බිස්කට් වලට උඩින් සාදා ගත් කස්ටඩ් මිශ්‍රණය තට්ටුවක් සේ දමා ගන්න. මෙලෙස බිස්කට් සහ කස්ටඩ් තට්ටු ලෙස මාරුවෙන් මාරුවට දමා අවසාන තට්ටුව කස්ටඩ් මිශ්‍රණය වැඩිපුර දමාගෙන එම කස්ටඩ් තට්ටුව උඩින් කජු දමා සරසා ශීතකරණයේ යට කොටසේ පැය 3 ක් පමණ තබන්න.