අවශ්‍ය ද්‍රව්‍ය
- නැවුම් එළකිරි මිලි ලීටර් 500
- ෆ්‍රෙෂ් ක්‍රීම් මේස හැඳි 2
- සැෆ්රන් රේණු 6 ක් හෝ කහ වර්ණක බින්දුවක්
- කස්ටඩ් පවුඩර් මේස හැඳි 3
- සීනි කෝප්ප 1/3
- මිශ්‍ර පළතුරු කෝප්ප 1 1/2
සාදාගන්නා ආකාරය
අඩිය ඝනකම් භාජනයක් ළිප තබා එයට නැවුම් එළකිරි එකතු කරගන්න. එළකිරි ටික මදක් උණුසුම් වී ගෙන එන විට සැෆ්රන් රේණු හෝ කහ වර්ණක බින්දුවක් සහ ෆ්‍රෙෂ් ක්‍රීම් එකතු කර හැඳි ගා ගන්න. ඉන්පසු කුඩා දීසියකට කස්ටඩ් පවුඩර් එකතු කර එයට රත්වන කිරි වලින් ටිකක් දමා කස්ටඩ් පවුඩර් ටික හොඳින් දියකර රත්වන එළකිරි භාජනයටම එකතු කරගන්න.
ඉන්පසු සීනි ටික මෙම මිශ්‍රණයටම දමා කස්ටඩ් මිශ්‍රණය උතුරන තෙක් මද ගින්දරේ දිගටම හැඳි ගා ගන්න. මිශ්‍රණය හොඳින් උතුරන විට ළිප නිවා කස්ටඩ් මිශ්‍රණය වතුරේ ගිල්වා ගත් වීදුරු භාජනයකට දමා හොඳින් නිවාගන්න. නිවා ගත් මිශ්‍රණයට ඔබ කැමති නැවුම් පළතුරු කිහිපයක් කුඩාවට කපාගෙන එකතු කර කලවම් කර ගන්න. ඉන්පසු පළතුරු කලවම් කරගත් කස්ටර්ඩ් මිශ්‍රණය පැය 4 ක් ශීතකරණයේ යට කොටසේ තබා පැය හතරකට පසු සංග්‍රහ කරන්න.
Muchas gracias. ?Como puedo iniciar sesion?