අවශ්‍ය ද්‍රව්‍ය
- ජෙලි ග්‍රෑම් 100
- උණු වතුර කෝප්ප 1
- ඇල් වතුර කෝප්ප 1
- කස්ටඩ් එක සඳහා
- එළකිරි මිලි ලීටර් 450
- සීනි කෝප්ප 1/4
- කස්ටඩ් පවුඩර් මේස හැඳි 3
- වැනිලා තේ හැඳි 1
- කුඩා වීදුරු 10
- ස්ට්‍රෝබෙරි ගෙඩි කිහිපයක්
සාදාගන්නා ආකාරය
මුලින්ම ජෙලි එක සාදාගැනීමට උතුරවා ගත් උණු වතුර කෝප්ප එකකට ජෙලි දමා කැට නැති වන තෙක් දිය කරගෙන පසුව එයටම ඇල් වතුර කෝප්පයක් දමා ජෙලි මිශ්‍රණය නිවෙන තෙක් පසෙකින් තබාගන්න. ජෙලි එක හොඳින් නිවුණු පසු කුඩා වීදුරු වලින් අඩක් පිරෙන සේ ජෙලි දමා ශීතකරණයේ යට කොටසේ පැය තුනක් පමණ තබා සෙට් කරගන්න.
දැන් ජෙලි එක සෙට් වෙන තුරු කස්ටර්ඩ් එක සාදා ගැනීමට අඩිය ඝනකම් භාජනයක් ළිප තබා එයට එළකිරි එකතුකර එළකිරි මදක් රත් වනවිට කස්ටඩ් පවුඩර් සීනි සහ වැනිලා එකතු කර කැටි නොගැනසෙ හොඳින් කලවම් කරගන්න. ඉන්පසු කස්ටඩ් මිශ්‍රණය හොඳින් බුබුළු දමා උතුරාගෙන එනවිට ළිප නිවා කස්ටඩ් මිශ්‍රණය නිවෙන තෙක් පසෙකින් තබාගන්න. ජෙලි සෙට් වූ වීදුරුවලට නිවාගත් කස්ටඩ් මිශ්‍රණය පුරවාගෙන උඩින් ස්ට්‍රෝබෙරි ගෙඩි තබා සරසා ගන්න. පැය තුනක් පමණ ශීතකරණයේ යට කොටසේ තබා සංග්‍රහ කරන්න.