අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු අන්නාසි ගෙඩි 1
- සීනි මේස හැඳි 2
- වතුර මේස හැඳි 3
- ලොකු ටින් කිරි 1
- ජෙලටින් ග්‍රෑම් 25
- වතුර මිලිලීටර් 160
සාදාගන්නා ආකාරය
අන්නාසි, වතුර, සීනි එකට දමා ළිප මත තබා ස්ටූ කර නිවෙන්නට හරින්න.ටින් කිරි එක බෝල් එකකට දමා හිස් ටින් එකට නැවත වතුර පුරවා එයත් බෝල් එකට දමන්න. ළිප මත තබා මද ගින්දරේ ස්වල්ප වෙලාවක් රත් කර ගන්න. වතුර මිලි ලීටර් 160 කට ජෙලටින් දමා පෙඟෙන්නට පසෙකින් තබන්න.
පෙඟුණු ජෙලටින් ටිකට මදක් රත් කර සාදාගත් කිරි එක් කර ජෙලටින් දිය කර ගන්න. පසුව දිය කරගත් ජෙලටින් මිශ්‍රණය කිරි භාජනයට ටිකෙන් ටික දමා කලවම් කරන්න. කිරි සහ ජෙලටින් දැමූ මිශ්‍රණය හොඳින් නිවුණු පසුව ස්ටූ කර නිවෙන්නට තැබු අන්නාසි මිශ්‍රණය එක් කොට කවලම් කර භාජනයක දමා ශීතකරණයේ තබා මිදෙන්න හරින්න.