අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු අඹගෙඩි 1
- සව් ග්‍රෑම් 200
- කිරි මිලිලීටර් 200
- ටින් කිරි මිලිලීටර් 10
- වතුර මිලිලීටර් 500
සාදාගන්නා ආකාරය
වතුර භාජනයකට දමා එය ළිප තබා එයට සෝදා පිරිසිදු කරගත් සව් දමා අවශ්‍ය පමණට එනතෙක් හැඳිගාමින් පිසගන්න. එම මිශ්‍රණය හොඳින් පෙරා ඇල් ජලයෙන් සෝදා පසෙකින් තබාගන්න. අඹ ගෙඩිය කොටු හැඩයට කපා අඩක් ඉතුරු කර ඉතිරිය ටින් කිරි සමග මිශ්‍ර කර බ්ලෙන්ඩ් කරගන්න.
පුඩිම පිළියෙල කරන භාජනය ගෙන පතුලට සව් තට්ටුවක් දමා නැවුම් එළකිරි මේස හැන්දක් දමන්න. පසුව බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය දමා අවසානයට නැවත සව් තට්ටුවක් දමා කපා ඉතුරු කරගත් අඹ ටික දමන්න. නැවත නැවුම් එළකිරි මේස හැඳි දෙකක් දමා ශීතකරණයේ තබන්න.