අවශ්‍ය ද්‍රව්‍ය
- පෙති කපාගත් තක්කාලි ගෙඩි 2
- පෙති කපාගත් ලූණු ගෙඩි 2
- කපාගත් මාළු මිරිස් ග්‍රෑම් 100
- කපා තම්බාගත් බිත්තර පෙති 3
- රස අනුව ලුණු, ගම්මිරිස්
- මයොනිස් සෝස් ග්‍රෑම් 150
- ගාගත් මොසරැල්ල චීස්
- පෙති පාන් 10
- ටොමැටෝ සෝස් ග්‍රෑම් 100
සාදාගන්නා ආකාරය
පාන් පෙති මත බටර් තවරාගෙන ඒ මත ටොමැටෝ සෝස් තවරා ගන්න. එයට උඩින් මයොනිස් සෝස් තවරාගන්න.තක්කලි පෙති පාන් පෙති මත අතුරා ඊට උඩින් මොසරැල්ල චීස් ඉස ඒ මත ලූනු පෙති තබා එයට උඩින් චීස් ඉස ගන්න.
බිත්තර සහ මාළු මිරිස්ද ඒ ආකාරයෙන්ම චීස් සමඟ ලේයර් කර අතුරා අවසාන චීස් ලේයර් එකට උඩින් ලුණු සහ ගම්මිරිස් ඉසගෙන සෙල්සියස් අංශක 180 ට ප්‍රී හිට් කරගත් උඳුනක දමා විනාඩි 7,8 ක් පුළුස්සාගන්න.