අවශ්‍ය ද්‍රව්‍ය
- ස්වීට් කෝන් ග්‍රෑම් 200
- කපාගත් රතු පාට බෙල් පෙපර් ග්‍රෑම් 200
- කපාගත් ලූනු ගෙඩි 2
- තම්බා පොඩි කරගත් චිකන් ග්‍රෑම් 250
- අවශ්‍ය පරිදි ලුණු, ගම්මිරිස්, ඔරිගානෝ
- අවශ්‍ය පරිදි ගාගත් මොසරැල්ල චීස්
- පෙති පාන් 10
- ටොමැටෝ සෝස් ග්‍රෑම් 100
සාදාගන්නා ආකාරය
වාටි ඉවත් කරගත් පාන් පෙතිමත බටර් ගා ඊට උඩින් ටොමැටො සෝස් තවරාගන්න. චිකන් වලට ලුණු, ගම්මිරිස් සහ ඔරිගානෝ එක් කර හොඳින් කලවම් කර පාන් පෙත්ත උඩින් අතුරා එයට උඩින් බෙල් පෙපර් සහ ස්වීට් කෝන් ඉස මොසරැල්ල චීස් පාන් පෙත්ත වැසෙන සේ දමා ගන්න. සෙල්සියස් අංශක 180 ට ප්‍රී හිට් කරන ලද උඳුනක විනාඩි 7, 8 ක් පුළුස්සා ගන්න.