අවශ්‍ය ද්‍රව්‍ය
- Hard Taco shel 10
- පොඩියට කපා ගත් කුකුල් ග්‍රෑම් 300
- කහ කුඩු තේ හැඳි 1/8
- මිරිස් කුඩු තේ හැඳි 1-2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
- දෙහි යුෂ තේ හැඳි 1
- තෙල් මේස හැඳි 2 -3
- කොටු හැඩයට කපාගත් බෙල්පෙපර් ස්වල්පයක්
- කොටු හැඩයට කපාගත් ලූනු ස්වල්පයක්
- මොසරැල්ලා චීස් ග්‍රෑම් 100
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
චිකන්වලට ලුණු, කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, දෙහි යුෂ දමා කලවම් කර විනාඩි 30 ක් පමණ සීසන් හරින්න. තෙල් රත්වූ පෑන් එකකට කුකුල් මස් එකතුකර හොඳින් රෝස්ට් කරගන්න.
මද වේලාවකට පසුව ළිපේ ගින්දර අඩු කර බෙල් පෙපර් සහ ලූනු එකතුකර හොඳින් කලවම් කර පිසගන්න. මිශ්‍රණය නිවුණ පසුව Hard Taco shell මැදට මේ මිශ්‍රණය පුරවා උඩින් මොසරැල්ලා චීස් ටිකක් දමාගන්න. සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙ විනාඩි 10 ක් බේක් කරගන්න.